Mathinta (Api UNP)' Song Lyrics - Iraj

Mathinta | මැතින්ටා 
Song by Iraj

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ලෝකෙම උතුම් රටේ
දියුණුව සොයා පුතේ
බෝට්ටු වලින් පවා ඒවී
ගූගල් බැලුම් යතේ
free wifi දසතේ
සදා ලෝක පූජිත ගම්මානේ
සිතූදේ පැතූ දේ
ලබාදුන් මැතින්ටා
වරෙල්ලා යමල්ලා
වඳින්ටා පුදන්ටා (අපි UNP)

විල්පත්තුවෙ කොන කපාපු බදුර්දීන් මං
අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං
කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු
ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු
කරකන මිරිකෙන ඇඹරෙන මහජනයගෙ මැද
අර අඹර දඹර ලණු ගිලිනා UNP රැළ

ජනගහනයට රටේ
විසඳුම දුන්න සැපේ
සමරිසි අයිතිය ගෙන ආවෙි
ගල නොකපා මුහුදේ
වරාය විකුණූයේ
කොහොමද ටිකිරි මොළේ මරුනේ

සිතූදේ පැතූ දේ
ලබාදුන් මැතින්ටා
වරෙල්ලා යමල්ලා
වඳින්ටා පුදන්ටා (අපි UNP)

සංචාරක මැති රට වෙනුවෙන් ගහනව පොල් ලෙලී
විදේශ විනිමය නගින්න පෙත්තක් දුන්නලු කෙලී
රතු අලි සෙල්ලම් බලන්න යනවද පැලවත්තේ
නෑ නෑ ⁣දැන් එහෙ නෑ උන් උන් සිරිකොත පැත්තෙ
අපචාරය ළමා ගොංජ ඒ ලෙවලුත් පමා
දොඩවන ලැට් කටා චතුර උගෙ අප්පගෙ පුතා

සෝකෙන් අපව මුදාලා
දෙවියන් සේ රැකගත්තා
අපහට යළි පන එන්ටා
ජිම් කට්ටලයක් දුන්නා

බෝම්බ බියක් නැතේ
සුද්දෝ රොත්ත පිරේ
අම්බලමකවත් ඉඩ නෑනේ
අතමිට සරුයි හිතේ
නිදහස ලොවෙත් නැතේ
VPN ඕනෙද නෑනේ

සිතූදේ පැතූ දේ
ලබාදුන් මැතින්ටා
වරෙල්ලා යමල්ලා
වඳින්ටා පුදන්ටා (අපි UNP)

අන්දෙක දමාන ඡන්දය දෙනවානේ
නැටි උස්සන් යනවානේ
මේ පාරත් දෙනවානේ
කවදා හරි දෙව්ලොව අපි යනවානේ
තණකොළ අපි කනවානේ
පුන්නක්කුත් බොනවානේ

Songwriter : Tiron Perera

Don't Forget Comment and Share 📝🎶

Comments