Miyadennam Sada | මියදෙන්නම් සදාSong by Nilan Hettiarachchi
පෙරදා සිත මාගේ හඬවා වෙන් වී ඔබ ආයේ නොඑනා
දැනුනේ ඔබ මාගේ ආදරේ තනි කලා කියා
පැතුවා ඔබේ සතුට සැමදා
නිදුකින් ඔබ ඉන්න කියලා
ලැබුනේ දුක් වේදනා මට ලං කලා ඔයා
වේදනා මේ තරම් කාටවත් දෙන්එපා
මතුභවේ ලංවෙලා සැනසෙමු හමුවෙලා
දුන් ආදරේ ඔයාම මා කෙරෙන්ම වෙන් කලා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
ඉන්නේ ඔබ මගේම හිතලා ගියදා දුක මහද තියලා
කිව්වේ ඇයි මගෙම ආදරෙන් ලං වෙලා ඔයා
මතු දා ඔඛෙ වෙන්න පතලා
වින්දේ දුක මහද පුරවා
දන්නේ දුක කව්ද ආදරේ දුක ගෙනා ඔයා
වේදනා පාවෙලා යාවිදෝ කෙදිනහෝ
මගෙම වී ලංවෙලා සැනසෙමු හමුවෙලා
මගේ හිනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
Songwriters: Sathsara Kasun Pathirana
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment