Pem Siththama | පෙම් සිත්තම
Song by Ashan and Ayomi
රාවේ හද ලඟ ගැහෙනා
මා ගාව ඔය සෙනෙහේ ගේනා
ආවේ පෙම් සුවඳ සළලා
සංසාරේ හිනයක එතිලා
ගඟනෝදේ නෑ තවම වැහිකදුළු ආවේ
පායන්න සඳ සොදුරි අහාසේ
ආලේ තාලේ ප්‍රතිරාවයයි මේ
උණුහුමට හඩගා කියන්නේ
අපගේ සෙනෙහේ පෙම් සිත්තමයි මේ
නිල් අහසේ ඇදිලා තියෙන්නේ
ගීයේ හද මත ලියනා
පෙම් ස්වරයේ නිම්නාදය දැනුනා
වාරි පෙම් හැගුම් මැවුණා
දෙදෙනාම පෙම් සයුරේ ගිලුනා
දිවිගමනේ නෑ සුසුම් පියමනින අතරේ
සනසන්න මා ළදුනේ නිම මේ
කීවේ ආයේ ඔය ආදරේමයි
හැමවරම දෙනෙතින් හෙළන්නේ
ඔබගේ මාගේ ආදර කතාවයි
මේ දියතේ කවුරුත් සොයන්නේ
ඔබගාව ඉන්නයි තුරුල් වී
සැනසුම් සිතාරේ වයා
දුක් ශෝක නවනා සුව ගීත විසේ
ස්වර වර්ණ ප්‍රේමයක
කීවේ ආයේ ඔය ආදරේමයි
හැමවරම දෙනෙතින් හෙළන්නේ
ඔබගේ මාගේ ආදර කතාවයි
මේ දියතේ කවුරුත් සොයන්නේ
Songwriter : Densil Nugegoda
Don't forget Comment and Share 📝🎶
Comments
Post a Comment