Diyawannawe' Song Lyrics - Sunil Perera (Gypsies)

Diyawannawe | දියවන්නාවේ
Song by Sunil Perera (Gypsies)


Song Lyrics ;

දියවන්නා ඔයේ ඉන්න ගෙම්බන්ගේ පටන්
කවුරුත් දන්නවා මගේ පොලිටිකල් බැටන්
පෙරහැරේ යන රජා මමයි බොලා ඇද්දට කොටන්
මාව මට්ටු කරන්න බෑ වෙට්ටු දාලා හිටං
(යකෝ)
මාව මට්ටු කරන්න බෑ වෙට්ටු දාලා හිටං

එහේමයි ඇමතිතුමා.....

ලොක්කා අපේ කරගත්තේ ලොකුම පිංකමක්
වැටිලා හිටිය මටත් දීලා ඇමති පට්ටමක්
පට්ටම තිබුනාට ලැබෙන්නේ පඩිය සොච්චමක්
ඒක තමයි හැම තැනින්ම ගන්නේ කුට්ටියක්
(අනේ)
ඒක තමයි හැම තැනින්ම ගන්නේ කුට්ටියක්

ජය ශ්‍රී ඇමතිතුමා.....

ඕන යකෙක් ආවත් මට කැපිලි දමන්න
ඩිෆෙන්ඩර් එකක් එවනවා උස්සන් යන්න
ආවොත් බොල මන් යන හොර ගමන් හොයන්න
ජිප් එකට යට කරනවා නැති වෙලා යන්න
(ඔව්)
ජිප් එකට යට කරනවා නැති වෙලා යන්න

ජය ශ්‍රී ඇමතිතුමා.....

පෙන්නුවාට උඹලට අපි දිව්‍යලෝකයක්
දන්නවාද මේක නියම මරුසි ලන්තයක්
දියවන්නාවේ තියෙන්නේ මොන්ටිසෝරියක්
ඒකේ ඉන්නේ රට වලදන මාර සෙට් එකක්
(ඔව්)
ඒකේ ඉන්නේ රට වලදන මාර සෙට් එකක්

ජය ශ්‍රී ඇමතිතුමා

දියවන්නා ඔයේ ඉන්න ගෙම්බන්ගේ පටන්
කවුරුත් දන්නවා මගේ පොලිටිකල් බැටන්
පෙරහැරේ යන රජා මමයි බොලා ඇද්දට කොටන්
මාව මට්ටු කරන්න බෑ වෙට්ටු දාලා හිටං
(යකෝ)
මාව මට්ටු කරන්න බෑ වෙට්ටු දාලා හිටං

Songwriters :


Don't Forget Comment and Share 📝🎶


Comments