Mata Kala Aradhana' Song Lyrics - Tehan Perera

Mata Kala Aradhana | මට කල ආරාධනා 
Song by Tehan Perera


Song Lyrics ;

හැගුමක රස මැවී
සිහිනෙක පාවෙවි මි
ඉවසුම් නැති හදින්
ඉතිරෙන ආදරෙන්

කුමරියකගේ මුවින්
ගැහෙනා මුදු හඩින් පෙමින්
අමතක වී සුසුම් තැවුල්
පැතුමද ඉටු වුනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතෙම සුව කළා
රන් හුයකින් එක් වෙලා

කදුලැල්ලක්වත්
නෙතු මත නොරැදි
නුපන් සුසුම් නොමැකෙනා සේ
නුඹව රකිනවා

සෙවනැල්ලක් සේ
ඔබ ලඟම රැදි
පපුතුල උණුසුම් ගගුලේ
නුඹව දෝ වනවා

පෙම් ගීතිකා හද පුරා
මගේ පේමී නමින් ලියවුනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතෙම සුව කළා
රන් හුයකින් එක් වෙලා

පැතු මා පැතුමන්
සිට පෙර භවයකදි
ඉවසුම් නොසන්සුන් උනා ඈ
මගෙම වෙන තුරා

කවුරුත්ම නොවු
දෙවිදුන් අතින් මැවු
පෙරුමන් දැරු පෙම් කතාවක්
මෙලෙස ඇරඹුනා

පෙම් ගීතිකා හද පුරා
මගේ පේමී නමින් ලියවුනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතෙම සුව කළා
රන් හුයකින් එක් වෙලා

Songwriter : Kasun Wickramasinghe

Don't Forget Comment and Share 📝🎶

Comments