Maye Manika' Song Lyrics - Shehan Harsha

Maye Manika | මයෙ මැණික
Song by Shehan Harsha

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මේ දෑස හඩවන්න හයියත් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
හිදි අයුරු අමතකද මියගිය ලෙසේ

මැරුනත් මම මතු දිනෙක
මටනම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික

නපුරු වි ඔයා
කරපු චෝදනා
බොරු නිසා
වැරදි නැති මාව
මෙලොවෙ වැරදිකරුවෙක් කරා

ඒතරම් වේදනා
කිසිදිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හදපුරා

මැරුනත් මම මතු දිනෙක
මටනම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික

ඔබේ ලඟ දැකපු
හිනය වෙන දෑතක් ලඟ
ඉෂ්ඨ කරගන්නනම් නෑ
උවමනාවක් මට

ඒතරම් වේදනා
කිසිදිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හදපුරා

මේ දෑස හඩවන්න හයියත් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
හිදි අයුරු අමතකද මියගිය ලෙසේ

මැරුනත් මම මතු දිනෙක
මටනම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික

Songwriter : Lasitha Jayaneththi Arachchige


Don't Forget Comment and Share 📝🎶

Comments