Oba Kohe Hari Athi' Song Lyrics - Raween Kanishka

Oba Kohe Hari Athi | ඔබ කොහේ හරි ඇති
Song by Raween Kanishka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඔබ කොහේ හරි ඇති
මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
ඔබ කොහේ හරි ඇති

මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
මේ විසල් විශ්වයේ
ඔබ කොහේ හරි ඇති

මලක් වී අතු අග පිපී
සුවද දි සුළගේ එතී
තරුවක් ව අදුරේ දිලී
උණුසුමක සිහිලැක වෙලී

මලක් වී අතු අග පිපී
සුවද දි සුළගේ එතී
තරුවක් ව අදුරේ දිලී
උණුසුමක සිහිලැක වෙලී
පෙනී නොපෙනේ ඔබ හිදී

අරුණේ බොදවුණු පැතුම වී
රැයේ ඉගිලෙන සුසුම වී
මතකයක නොනිදා රැදී
තනිකමක කදුලක වෙලී

අරුණේ බොදවුණු පැතුම වී
රැයේ ඉගිලෙන සුසුම වී
මතකයක නොනිදා රැදී
තනිකමක කදුලක වෙලී
දැනී  නොදැනී ඔබ හිදී

මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
මේ විසල් විශ්වයේ
ඔබ කොහේ හරි ඇති

Songwriter : Manjula Prabhath Hettiarachchi

Don't Forget Comment and Share 📝🎶

Comments