Api Gonnu' song Lyrics - Ravi Royster

Api Gonnu | අපි ගොන්නු 
song by Ravi Royster

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

උසනම් කම්කරු දෙනවලු මිටිනම් සෙකුරිටි
බැදුම්කරෙන් ගොඩ යනවා වොක්ස්වැගන් අපි

රතුපස්වල වතුර නැතේ දෙන්නද සැර වෙඩි
රගර් ගහලා යවන්නේ අපි හයක් යටට අඩි

බලන්න අපේ හැදියාවත් දිදුලන පතිවති
එක් මිලියන දෙසිය දහස් හැට හතරක් ඇති

අන්තිමටම අපි එල්ලුනේ උඩක ජනෙල් පඩි
චන්දිකාව උඩ දුවන්නේ පුතුගේ මොළෙන් පොඩි

රතු අලියෙක් බයිලා දොඩයි මුනේ ලපත් ඇති
පදේ නොදැන උන් ඉන්නේ බෙරේ පලුත් නැති

වෙනම රටක් ඉල්ලන්නට කටේ පනත් නැති
සමහරකුන් යන්නේ නැද්ද බලන් ඉන්නේ අපි

උන් දින්නට මුන් දින්නට අපට ඵලක් නැති
බෙන්ස් කාර් වල යන්නට අපට පිනක් නැති

විසි එක දා සිය ගානක් අරන් ගියපු හැටි
දැනන් උන්නු ගොම ගොඩවල් ලෙව කාපන් මදි

Songwriters : Akila Abyewickrama
Don't Forget Comment and Share 📝🎶



Comments