Pana Wage' Song Lyrics - Manjula Pushpakumara

Pana Wage | පණ වගේ
Song by Manjula Pushpakumara

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හිතුමතේ නිතර සරපු
මේ හිතේ පැතුම් පුරපු
දහ අතේ නුඹව හොයපු
ඇස් දෙකෙම දුක පුරපු
ඒ අතිතෙ නම් ආයේ අරන් එන්නෙපා හඬලා
ආයෙමත් නුඹ ඒ වගේ විශ්වාස කරන්න කියලා

පණ වගේ ප්‍රේම කෙරූ හින්දා සසරේ තුරු
නොවු නමුත් නුඔට හතුරූ
තනිකමට මාව හුරු වෙන්න නුඹම පිරු
පව ඉතින් නුඹට ඉතුරු

වැරැද්ද නිවැරැදි වෙන්නේ නෑ
ඉල්ලුවා කියා නම් සමා
පුරුද්ද අතහැරලන්න බෑ
ඉන්නවා මිසක් රවටලා
ඒ අතිතෙ නම් ආයේ අරන් එන්නෙපා හඬලා
ආයෙමත් නුඹ ඒ වගේ විශ්වාස කරන්න කියලා

පණ වගේ ප්‍රේම කෙරූ හින්දා සසරේ තුරු
නොවු නමුත් නුඔට හතුරූ
තනිකමට මාව හුරු වෙන්න නුඹම පිරු
පව ඉතින් නුඹට ඉතුරු

බිදිච්ච හිත හරියන්නේ නෑ
ජිවිතේ පුරා දනිමි මා
කොහෙත්ම මා පලිගන්නේ නෑ
පැවරුවා කියා චෝදනා
ඒ අතිතෙ නම් ආයේ අරන් එන්නෙපා හඬලා
ආයෙමත් නුඹ ඒ වගේ විශ්වාස කරන්න කියලා

පණ වගේ ප්‍රේම කෙරූ හින්දා සසරේ තුරු
නොවු නමුත් නුඔට හතුරූ
තනිකමට මාව හුරු වෙන්න නුඹම පිරු
පව ඉතින් නුඹට ඉතුරු

Songwriter : Prasanna Kumara Dammalage

Don't Forget Comment and Share 📝🎶

Comments

Post a Comment