Sonduru Sandawaka' Song Lyrics - Chandana Liyanaarachchi & Trishelle Wijetunga

Sonduru Sandawaka | සොදුරු සැදෑවක 
Song by Chandana Liyanaarachchi & Trishelle Wijetunga

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

අහසයි පොළවයි එක්කෙරෙනා තැන
අපේ කතාවට පුංචි ඉඩක් ඇත
තරු කැට විසිරුණු මල් වරුසාවක
හමුවෙමි සුවබර සොදුරු සැදෑවක

මාපියු නෑසියු මඟ අහුරා ඇත
මනු කුල සිරිතට විරිතට ඉඩ නැත
මිතු කැල තුඩ තුඩ ගිනි අවුලා ඇත
ඉතින් ඉඩක් නැත අපට මිනිස් ලොව

අතැගිලි පටලා ලොවට පෙනෙන්නට
ගත ඔහුනට දි හඩා වැටෙන්නට
හිතින් තුරුලු වී යළි වෙන් නොවනට
තුටින් ඉගිල යමු සිතිජ දනව්වට

අහසයි පොළවයි එක්කෙරෙනා තැන
අපේ කතාවට පුංචි ඉඩක් ඇත
තරු කැට විසිරුණු මල් වරුසාවක
හමුවෙමි සුවබර සොදුරු සැදෑවක

Songwriter : Manoj Neelanga

Don't Forget Comment and Share 📝🎶

Comments

Post a Comment