Weediya Bala' Song Lyrics - Sahan Chamikara

Weediya Bala | විදිය බලා
Song by Sahan Chamikara

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

විදිය බලා රතු සායම් කොපුල් මත
මන්මද බිසෝ විලසින් පා තබන විට
රන සලු එකින් එක පැත්තට වැටෙන විට
රුපියල් වලට මිල කෙරුවලු තරුණකම

වෙරි වි පනින මගේ මිනිහට මැණිකේ වුනී
රන්කිරි කට ගාන පුතු වෙත අම්මා වුනී
ඔත්පල අම්මා කිවේ මට සුදු දෝනී
පාරට බැස්ස මට ඇහුනා බඩුව ජොනී

අදටත් යන්නේ රස්සාවට බුදුන් වැද
ආසයි මටත් හවසට පන්සල් යන්ට
නිලමෙලා ජාති පෙන්නලා එලෙව්වට
මමමයි දන්නේ උන් හංගන කැරැට්ටුව

වැරදුනේ මගෙ උපතද මේ මුඩුක්කුවේ
නැතිනම් බැන්‍‍ඳ බේබද්ද කසාදයේ
ලැබුවොත් පිනක් උපදින්නට පිරිමි ලොවේ
පෙන්නමි මමත් උඹ දහට කරන රගේ

Songwriter : Milinda Madawa Perera

Don't Forget Comment and Share 📝🎶

Comments