Yashodara' Song Lyrics - Dumal Warnakolasooriya

Yashodara | යශෝධරා
Song by Dumal Warnakolasooriya

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සසර ගමන් මග අත්වැල් බැඳ නුඹ
මා හා ආවද යශෝධරා
ර‍ළු හිතකට නොදැනුන ඒ ප්‍රේමය
සිටියද නුඹ ඔය හිතේ දරා

හිමිව අහිමිවුන මගෙම සෙනෙහස
කඳුලු ඉපැදුවද රැයක් පුරා
බිඳුනු පෙමක සිහිවටන අතරමැද
නිදිවැරුවද නුඹ යශෝධරා

මා නොඑනා බව දැන මග බල බල
දෙනුවන් තෙමුනද ලොවට හොරා
නුඹටත් නොකියම නික්මුණු දා සිට
දුක දැරුවද නුඹ යශෝධරා

Songwriter : Harshi Senadhira

Don't Forget Comment and Share 📝🎶

Comments