Hamadama Oya Daasa' Song Lyrics - Kalpana Kavindi and Keshan Shashindra

Hamadama Oya Daasa | හැමදාම ඔය දෑස
Song by Kalpana Kavindi and Keshan Shashindra

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හැමදාම ඔය දෑස - හමු නොවන විට
නොසන්සුන් හිත තාම - වාරු නෑ මට
නුබ ගැන හිත හිතා - මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න - හිතක් නෑ මට

තරු දෑස මගෙ නේද - අතරමං උන
හොය හොයා මගෙ දෑස - වෙහෙස වෙනවද
මං එක්ක යං කිව්වත් - ගමන එනවද
සොදුරු මාවත ළගට - ඇවිත් ඉන්නද

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී
මටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී

නුබ ගැන හිත හිතා - මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න - හිතක් නෑ මට
මං එක්ක යං කිව්වත් - ගමන එනවද
සොදුරු මාවත ළගට - ඇවිත් ඉන්නද

අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී
මලක් වී ගසක් යට සුවඳ දී වැටී වැටී
ඔයා හිනහී ඉන්න හඬා කඳුලක් නොවී

නුබ ගැන හිත හිතා - මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න - හිතක් නෑ මට
මං එක්ක යං කිව්වත් - ගමන එනවද
සොදුරු මාවත ළගට - ඇවිත් ඉන්නද

Songwriter - Saman Edirimuni

Don't Forget Comment and Share 📝🎶

Comments