Daiwaye Saradamin | දෛවයේ සරදමින්' Song Lyrics - Athula Adikari And Samitha Mudunkotuwa

Daiwaye Saradamin | දෛවයේ සරදමින්
Song by Athula Adikari And Samitha Mudunkotuwa 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්
සමාවෙනව ද මගෙන්

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්
දැන උන්නා නම් - විදවන තරම්
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්
දැන උන්නා නම් - විදවන තරම්
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්

දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙන්න ද මගෙන්

Songwriter - Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments