Hamuwuna | හමුවුනා (Sangeethe Teledrama Song)' Song Lyrics - Lavan Abhishek And Kamani Lasantika

Hamuwuna | හමුවුනා (Sangeethe Teledrama Song)
Song by Lavan Abhishek And Kamani Lasantika 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හමුවුනා පුරුදු සුවදක් නුරා
සිහිනෙන් කී රහසේ
හැගුමන් පෑ දෑසේ

නැවතුනා ගැහෙන හදවත පුරා
දෑළේ නෙතු දෑළේ
රහසින් කී ආලේ

ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සදලුතලයේ

මං ගැන හොයනා
කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ

මම ඉදහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ

තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ

බිදුණු හදවත් එකතු වෙන කාලේ
ගයමු දවසක ජිවිතේ තාලේ

තරු ඇසිපිය නොපියා
මගෙ තුරුලට වීලා
හිතේ ආදරේ ගී
රහසින් මුමුණනවා

සද මඩලට එබිලා
සුසුමක සුව තවරා
මගේ ජිවිතේ රහසේ
මල්පෙති අතුරනවා

ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සදලුතලයේ

මං ගැන හොයනා
කුමරෙක් උන්නා
දෝ මදුමල් කැලයේ

මම ඉදහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ

තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ

බිදුණු හදවත් එකතු වෙන කාලේ
ගයමු දවසක ජිවිතේ තාලේ

Songwriter -  Saman Edirimunee

Don't Forget Comment and Share 📝🎶

Comments