Hiru Mal | හිරු මල්' Song Lyrics - Ruwan Hettiarachchi and Umaria

Hiru Mal | හිරු මල්
Song by Ruwan Hettiarachchi and Umaria

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හිරු මල් කිනිත්තක් දරා
සිහිළැල් පියාපත් සලා
සුළඟින් හොරෙන් මග අසා
එන්නම් සැනින් ඔබ සොයා

මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගෙ වෙනවා
හෙට මා ඔයාගෙ වෙනවා

සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
කියාදෙන්න ඔබගේ සෙනෙහස කොතෙක් දැයි කියා
අහංකාර මාගේ හිත දැන් ඔබේ ළඟ තමා
නොදන්නවා වාගේ ඈතින් තවත් ඉන්නෙපා
හිතේ මැවුණ ප්රේම කවියේ හිඩැස් තැන් මකා
හිඳින්නට හිතයි සුවසේ තුරුල් වී සදා
රැයේ දුටුව හීන රහසේ හැබෑ වී මෙදා
පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟ=ණා

පහන් තාරකාවක් මාගේ හදේ පායලා
ගිලන් පෙම් පැතුම් හිත පතුලේ කොහේටද වෙලා
නෙතින් වැටුන කැදිලැල් ඔබගේ අතින් පිස දමා
සිනාසෙන්න ආසයි හැමකල් ඔබේ ලොව පුරා
පහන් ටැඹ වෙලා දිවිගමනේ නවාතැන් සොයා
රැෙඳන්නට හිතයි සෙවනේ සුසුම් හැර දමා
ඔඛෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා
පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟ=නා

හිරු මල් කිනිත්තක් දරා
සිහිළැල් පියාපත් සලා
සුළඟින් හොරෙන් මග අසා
එන්නම් සැනින් ඔබ සොයා

මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගෙ වෙනවා
හෙට මා ඔයාගෙ වෙනවා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments