Iye Nathi Wenasak | ඊයේ නැති වෙනසක්' Song Lyrics - Kasun Kalhara

Iye Nathi Wenasak | ඊයේ නැති වෙනසක්
Song by Kasun Kalhara 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඊයේ නැති වෙනසක්
ඔබගෙන් දැක
ඊයේ නැති හැඟුමකින්
සිත වෙළාගෙන
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ
නෙක හැඟුමන් වලින්
මසිත පුරවාලන

පිණි බිඳුවක් මෙන් ගලා අවුදින්
මගේ ගත සිත නිවාලන ඔබම
චණ්ඩ හිරු කිරණක් වී
මා දවයි
තරු නෙත්වලින් විද විද
හී සර
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ

සැඩ සුළඟක් මෙන්
හමා ගොසින්
මා අවුල්කර දමා ගිය ඔබම
පුංචි මුව පොව්වෙකු සේ
යළි හිඳියි
මෘදු සිනාවතින් මගේ අද්දර
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ

Songwriter -  Lakshantha Chinthaka

Don't Forget Comment and Share 📝🎶

Comments