Ira Harena Welawata | ඉර හැරෙන වෙලාවට' Song Lyrics - Api Machan

Ira Harena Welawata | ඉර හැරෙන වෙලාවට
Song by Api Machan 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඉර හැරෙන වෙලාවට
තාම කවි ගොතනවාද
මහ රෑට නිදි නැතිව
මතක පොත ලියනවද
මන් දුන්නු වතුසුද්ද
ගහේ මල් පිපෙනවාද
අපරාදේ අපි ආපු
දුර කියලා හිතෙනවද

වරු ගනන් මුමුණන්න
කෙනෙක් දැන් ඉන්නවද
ගව් ගනන් අත් බැඳන්
දුර ගමන් යනවාද
පැය ගනන් පොඩි දේට
තරහ වෙලා ඉන්නවාද
මට කරපු තරමටම
ආදරේ කරනවද

ඉර හැරෙන වෙලාවට
තවමත් එදා මතක
මට වගෙම මතකයිද
නෙතු පියා ගන්නවත්
බැරි තරම් කරදරද
මට වගේ මට හොරා
ඔය ඇසුත් තෙමෙනවාද
කූඩු වී යන දාට
නොකියා යන් නෑ නේද

ඉර හැරෙන වෙලාවට
තාම කවි ගොතනවාද
මහ රෑට නිදි නැතිව
මතක පොත ලියනවද
මන් දුන්නු වතුසුද්ද
ගහේ මල් පිපෙනවාද
අපරාදේ අපි ආපු
දුර කියලා හිතෙනවද

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments