Ma Wenuwenma Nupan Kumari | මා වෙනුවෙන්ම නූපන් කුමාරී' Song Lyrics - Priya Suriyasena

Ma Wenuwenma Nupan Kumari | මා වෙනුවෙන්ම නූපන් කුමාරී 
Song by Priya Suriyasena

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
මට නොකියා ඇයි මල් පිපෙන්නේ
ඒ මල් නැතිලූ මට උරුම වෙන්නේ
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ
මට වැළපෙන්න රෑ හුදෙකලාවේ
සුදු කමලත් සුගන්දේ දෙවාවී

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
හිත ඇත තාම කදුලැල් මහෝගේ
අන්සතු වස්තුවක් ගා බැදෙන්නෙ
හිත මෙතරම්ම කීකරු ද මාගේ
මේ මිනිසත් බවින් මා ලැබූ ඒ
අසරණ වෙන්න වරමක් නොවේදෝ

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments