Neela Dase | නීල දෑසේ' Song Lyrics - Romesh Sugathapala

Neela Dase | නීල දෑසේ
Song by Romesh Sugathapala 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ

මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හොඩියේ
පිංචිලා ලියවූ දිනේ
සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ

හදවත උයන් තෙරේ පිනූ රස පළ වැලේ
ඔබ තමා නොඉඳුල් පළේ
රස සොයන බිඟු කැලක විස දළ තුඩින්
සඳවමි දිවිපුරා මාගේ ආදරේ
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් මාගේ

නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments