Nidi Nena | නිදි නේනා (Deweni Inima Teledrama Theme Song)' Song Lyrics - Kalpana Kavindi

Nidi Nena | නිදි නේනා (Deweni Inima Teledrama Theme Song)
Song by Kalpana Kavindi

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නිදි නේනා
හීන ගේනා
මට ඕනා
දෑස පේනා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා

මගේ සොදුරු හැගුම සගවා සගවා
සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා
දෙනෙත දිලෙනවා
මගේ එකම පැතුම
පාරා පාරා රහසෙම ඉකි බිදුනා
දවසක් දා
පාවී එනවද මා සොයලා
හිත හඩලා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා

නෙතු කදුලු අතර
රදවා රදවා
දවස ගෙවනවා
ඔබ අහිමිවෙයි ද
සිතලා සිතලා
සිතම රිදෙනවා
දුර බලන බලන වාරය පාසා
සමනල සිත සැලුනා
දවසක් දා
පාවී එනවද මා සොයලා
හිත හඩලා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා

Songwriter -  Shehan Galahitiyawa

Don't Forget Comment and Share 📝🎶

Comments