Piyamanne | පියමැන්නේ' Song Lyrics - JayaSri

Piyamanne | පියමැන්නේ 
Song by JayaSri

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පියමැන්නේ ඇයිද එසේ
රිදවාලා ඔබ ම සිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments