Ratakin Eha Igili | රටකින් එහා ඉගිලී' Song Lyrics - Priya Suriyasena

Ratakin Eha Igili | රටකින් එහා ඉගිලී 
Song by Priya Suriyasena

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙනයමි ඔබේ ආදරේ
ආදරේ

ලාදළු දෙතොල්
හසරැළි මට වෙළී
ආගිය ගමන් සිහිව එයි යළි යළි
අසමාන වූයේ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැරයන්නෙ මා

අතිනත වෙලා පටලලා රන්හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතුපැතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණි වහා

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙනයමි ඔබේ ආදරේ
ආදරේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments