Sepalika Malai | සේපාලිකා මලයි' Song Lyrics - Jayasiri Amarasekara

Sepalika Malai | සේපාලිකා මලයි 
Song by Jayasiri Amarasekara

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ මගෙයි

මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා

මල් පිපෙන තුරු ලතා
මද සුළඟෙ නැලවුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ මගෙයි

Songwriter - Channa Jayanath

Don't Forget Comment and Share 📝🎶

Comments