Sithuvili | සිතුවිලි' Song Lyrics - Indrachapa Liyanage

Sithuvili | සිතුවිලි 
Song by Indrachapa Liyanage

sinhalawalkathazone5.blogspot.com

Song Lyrics ;

සුසුම් පවන් රෑලී නැගී
නොකී කතා අනන්තයට ඇදී
නිමා නොවෙනා මතකයයි ඔබේ ආදරේ
සීතලේ කිමිදුනු අදුරේ
මදුවිතේ… තැවරුම් දෙතොලේ
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා

සිතුවිලි අහුරක් මුදා හැර
විසිරී යන්නට ඉඩ හැර
සිහින සිතුම් උවමක සිත්තම් කල
බොදවුනු ඇද උනු රේඛා
සීතලේ කිමිදුනු අදුරේ
මදුවිතේ… තැවරුම් දෙතොලේ
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා

සද ගිනිගත් ඝන රෑ අහසේ
තරු කැට නිවී ගිය පැයේ
අතීතයේ නොගැයූ ගීයේ
පොපියන දෙතොලග මිමිනේ
සීතලේ කිමිදුනු අදුරේ
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා
වෙලුනා

Songwriter -  Ruvini Thalpovia

Don't Forget Comment and Share 📝🎶

Comments