Tharaka Duwille | තාරකා දූවිල්ලේ' Song Lyrics - Dilum Thejana And Ravi Jay

Tharaka Duwille | තාරකා දූවිල්ලේ 
Song by Dilum Thejana And Ravi Jay

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සිහිනෙක පාවී හිස් අවකාශ මාවතේ
නෙත් මානයේම අවසානයක දොරගුලු ඇරේ
නොපෙනෙන සීත මන්දාරම් පොද හී සරේ
අලු වූ හීන දලුලා යලිත් අද මල් පිපී

දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ
දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ

මං මොකටද ආවේ
මං මේ මොනද කරන්නේ
මං මොනාද හෙව්වෙ
මං හොයන්නෙ හරි දේ
දැං මොකද්ද හරි දේ
දැං මොකද්ද වැරදි දේ
පෙන්නපං සොබා දහමේ
මධ්‍යස්ථ සාධකේ
නැත හුස්ම ගැන බලාපොරොත්තුව ඊලග තප්පරය
නැත බලාපොරොත්තුව එමනිසා මා වටේ දැවටෙන කිසිවෙක් ගැන
නැත බලාපොරොත්තුව ඒ හින්දා අද නවතින්න මං යන ගමන
ඇත බලාපොරොත්තුව ඇත්ත දැකල මැරෙන්න
හදවත වම්පස බරවෙලා එන වේදනාව මනසට
කිව්වෙ යන්න රෙඩිවලා ඉන්න
හිත වැටෙනවා ඒ හැමවෙලාවෙම දෑස වසාගෙන
වැද කලුවරේ ගාථා එක්ක හෙව්වා මං
කෝ දෙවිවරැ ඕනෙ පිලිතුරැ
ඇත පැනගැටලු මං පැටලුනු අන්ධ කරැමෙක
මේ ජීවිත ගමන තනිකමට හුරැවෙලා අද
හොයනවා හරි Code එක මගෙ Code එක
ඉපදුනු දවසෙම කව්ද වැරැද්දුවෙ මගේ Code එක සමාජෙන්ද ගෙදරින්ද?
සැපට වාහන සල්ලි පැලෙන්න හෙව්වම හම්බවෙනවද දිනුම?‍
මරණින් පසුවද හමුවන්නෙ දිනුම?
දිනුවම හම්බවෙනවද මට ඇත්ත?
ඇත්ත වගෙනෙ දකින හීනෙදි මට ඇති ගැටලුව
මේ වර්තමානෙ ගෙවෙන්න හීනයක්ද?

පාටින් තිබුණ ජීවෙ නැගෙන හිත් දඩයමේ
හිස් ඇරඹුමක අවසානයක දොරගුලු ඇරේ
දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ
දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ

Songwriter -  Nishan Malinda

Don't Forget Comment and Share 📝🎶

Comments