Yauwane | යෞවනේ' Song Lyrics - Randhir Witana, Manasick And Ken Lappen

Yauwane | යෞවනේ 
Song by Randhir Witana, Manasick And Ken Lappen 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

හැරලන් සන්තාප දුකම පාග
මැඩලන් වාද
දමමු සාද
මේ ලෝකේ
යෝග රෝග
අපි දඩාවතේ
කෝක ඕක
අහං ග්‍රහපල
බලන් දහපොල
කල්පනා කර
යල් පැනකන්ම
දහමේ තියන
රහම යහම
පෙර කරපු පව් පිංම
අහන්න අහන්න
ඇහැ කොනිහං බැහැ නොකියං
ලැබුණු ජීවිතේ
ඇද නොකියං
ඔරොත්තු දියන්
ගොරකුන කියන්
දුවන්නේ මාරයත්
යකෙකු කියන්

සන්තෝස වෙන්න ඕනා
ඕනෙ ගමනක් යන්නට
ධනාත්මක අදහස්
අස්වෙයන් රස්සා නැතිනම්
හිත නිදහස්
යාළු ගොවියෙක්
උනොත් නැවියෙක්
වෙනවා නිසැකයි
කුඹුරත් පාලු
කැපුවොත් රුක
දළුලනවා
අහගෙන උනත් දෙමාපිය නඩු
යෞවනේ මිහිර විදිනා කාලේ
යමු හරිපාරේ
වරදින වැටෙනම ගානේ
දනිහෙන් ගනින්
පාඩම් සාරේ

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

Songwriter - Chandradasa Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments