Dampata Handawe | දම් පාට හැන්දෑවේ' Song Lyrics - Rakitha Welangoda

Dampata Handawe | දම් පාට හැන්දෑවේ
Song by Rakitha Welangoda 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී

හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී

අම්බරේ රං ඉර සේ
මගෙ ලොවේ පෑයූවේ
මල් සුවඳ පරදවනා
සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා
ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී
දිවිය ඇති තෙක් මාගේ

දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ

නෙතුවිලේ පායාලා
ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා
ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා
පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ
ලියමු අපි අම්බරයේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments