Man Pathanawaa | මන් පතනවා' Song Lyrics - Ashan Fernando

Man Pathanawaa | මන් පතනවා
Song by Ashan Fernando

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි

ඔබ හොඳින් ඉන්න ඕනේ ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා

මං පතනවා... මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා

දවසක් හරි මට ආදරේ කලා
මේ ලෝකෙ කාටත් වඩා
නොලැබීම මගේ ඔබ මග හැරී ගියේ
කලකිරුණා මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ
ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
මුණ ගැහේවා කියා

මං පතනවා... මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා

මගකදී හරී මේ අප හමු වුනොත්
මගහැරලා යන්නට එපා
ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කලේ
කලකිරුණා මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ
ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
මුණ ගැහේවා කියා

සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි

ඔබ හොඳින් ඉන්න ඕනේ ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා

මං පතනවා... මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා

Songwriter - Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments