Sandawathiye | සඳවතියේ' Song Lyrics - Ashan Fernando

Sandawathiye | සඳවතියේ 
Song by Ashan Fernando 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සද රූ රා හීන සේයා නෙතු පාරා මායාව විහිදා
නිදි වරනා පාළු හෝරා මට නුඹ හා විදගන්න ඕනා
සඳ දිය දහරා හදවත පාරා මගෙ සඳ කිදුරී මා ගාව පායා
සිතුවිලි  පීරා ලය පිරිමදිනා දිගු නිල් දෑසේ මායාවේ ගිලුනා

සඳවතියේ.... සඳවතියේ

පායා තරු කැට වීනා හීනේ සියොලඟ රැදුනා
ඝන අදුරේ මා හා පිය මනිනා අරුමෝසම් දෑසට වහ වැටුනා
සෙවනැළි මාවතේ සැඟවෙන්නෙපා
කවිකාර පෙම දෝරේ ගැලුවා
සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුනා

රහසේ කාලය ගෙවනා මායා සිහිනයේ රැදිලා
සඳ සෙවනේ නුඹ හා නෙතු පටලා
ආදරයේ මීවිත ඇය දිනවා
සෙවනැළි මාවතේ සැගවෙන්නෙපා
කවිකාර පෙම දෝරේ ගැල්වා
සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුනා

සද රූ රා හීන සේයා නෙතු පාරා මායාව විහිදා
නිදි වරනා පාළු හෝරා මට නුඹ හා විදගන්න ඕනා
සඳ දිය දහරා හදවත පාරා මගෙ සඳ කිදුරී මා ගාව පායා
සිතුවිලි  පීරා ලය පිරිමදිනා දිගු නිල් දෑසේ මායාවේ ගිලුනා

සඳවතියේ.... සඳවතියේ

Songwriter - Nisal Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments