Ehema Dewal Na Hithe Mage | එහෙම දේවල් නෑ හිතේ මගේ' Song Lyrics - Dhanith Sri

Ehema Dewal Na Hithe Mage | එහෙම දේවල් නෑ හිතේ මගේ

Song by Dhanith Sri

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

එක රැයකට නුඹ මගේ කරගෙන
කාසි වලට මං කොහොම මනින්නද
එහෙම දේවල් නෑ හිතේ මගේ

කරකාර බැඳගෙන මගේ කරගෙන
නුඹ සිරකරගෙන හීන මවන්නට
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට
එහෙම දේවල් නෑ හිතේ මගේ

අයිතිවාසිකම් නැති නිවහල් වූ
සෙනෙහස ගලනා මනසක් ඇති වූ
මිනිසුන් බිහිවූ පොලොවක් නම් මෙය
කාසි වලට නුඹ දෙන්නේ කොහොමද
ආදරෙ කියලා හිත පිළිගන්නට
නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද
තණ්හා,ආශා නුඹගැන මොකටද
එහෙම දේවල් නෑ හිතේ මගේ

Songwriter -
Don't Forget Comment and Share 📝🎶

Comments