Therunado තේරුණාදෝ' Song Lyrics - Sanuka

Therunado තේරුණාදෝ

Song by Sanuka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

අහස ගුගුරා කිව්වා තේරුණාදෝ
පොළොව දෙදරා ඇහුවා තේරුණාදෝ
යන්නෙ කොහෙදෝ කියලා තේරුණාදෝ
වැරදි අපිමයි කියලා තේරුණාදෝ

පවට හදවත දීලා ඉන්න සිතුවෝ
ලොවම අල්ලේ නටවා ගන්න හැදුවෝ
පපුව ඈතින් තියලා හීන දුටුවෝ
හිතට හීලෑ වීලා වැරදි කෙරුවෝ

අහසයි පොළොවයි අතරේ හිඩසයි
ගිනිගයි ඇවිලෙයි අපගේ වරදයි
සිතුවා නම්
දවසක අපිම අපිට මෙහෙම වෙයි කියා
හැදුනා නම්
ගහකට මලකට අපි තවත් ලංවෙලා

ඉරට දෝත් මුදුන් තියා එකල වැන්දෝ
ගහට ගලට කුළට දිව්‍ය නාම බැන්දෝ
හඳට පියැඹූ මිනිසා ගෙතුළ මන්දෝ
සියලු ධූර නිල, සොබාදහම බින්දෝ

රාජ සම්පත් ගෙනෙනා ග්‍රහයො කොහෙදෝ
දෙයියො විකුණං පල කෑ කපුටො කොහෙදෝ
යද්දි යන්නෙ හිස් අතින්, දන්නෙ නැද්දෝ
තාම “එකම තිරිසනා” හැදුනෙ නැද්දෝ

අහසයි පොළොවයි අතරේ හිඩසයි
ගිනිගයි ඇවිලෙයි අපගේ වරදයි
සිතුවා නම්
දවසක අපිම අපිට මෙහෙම වෙයි කියා
හැදුනා නම්
ගහකට මලකට අපි තවත් ලංවෙලා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments