Aluth Kathawak | අලුත් කතාවක්' Song Lyrics - Shehan Perera

 Aluth Kathawak | අලුත් කතාවක්

Song by Shehan Perera

Aluth Kathawak | අලුත් කතාවක්  Song by  Shehan Perera

Song Lyrics ;

තහනම් කරපු ආදරේ අයිතිවාසිකම්
නුඹගෙන් ලැබුව කාලේ එදා
සතුටින් මවපු හීනයේ මිහිරි මතකයන්
රිදුමක් බවට පෙරලා තියා
හැරදාලා ගියත් - හැමදා නිතරමත්
නුඹටයි පළමු තැන දුන්නේ
මේ ජීවිතේ

අළුත් කතාවක් අරඹන්න
හිතක් නෑ තව මං ගාව
දහස් වතාවක් හැමදාම
කෙනෙක් නෑ වෙන සිහි වෙන්න

හැඩට අකුරු ගලපා ලියූ නොමැකෙනා වදන්
නුඹෙන් පිරුණු මාගේ හිත් පොතේ
පිටුව පිටුව ගලවාලනු කෙලෙසකින්ද මං
වෙනස් වෙන්න හිතලා නුඹ වගේ

නොදැනි තෙමෙන දෑසේ රැඳී කාලෙකට කලින්
ඇවිත් උන්නෙ කවුදෝ නුඹ වගේ
කියපු කරපු හැමදේ ඉතින් අතීතයට නම්
පැතුම් පිරුවෙ ඇයිදෝ මේ හිතේ

Songwriter - Prasanna Kumara Dammalage

Don't Forget Comment and Share 📝🎶


Comments