Chaaru | චාරූ' Song Lyrics - Jayathu Sandaruwan

 Chaaru | චාරූ

Song by Jayathu Sandaruwan

Chaaru | චාරූ   Song by Jayathu Sandaruwan


Song Lyrics ;

නිදුක් සුව පතා මතක් කර ඔයා
කලේ දිනපතා මං සිතින් භාවනා
ළඟින් ඔබ තියා හිසත් අත ගගා
ඔබේ රුව බලා මං හුඟක් සැනසුනා

නුඹ ඉරුවත් හිත මේ තීරූ
සුව නොවුනත් හදවත හීරූ
මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ

කැමතියිද අහපු මුල් දවසට ආයේ දුවමු
ඒ කාලේ වවපු ගස් වල මල් ආයෙත් කඩමු
සුළඟක් වී රහසේ හමලා සුවඳක් වී නාසේ ගැටිලා
හුස්මක් වී ගැඹුරේ රැඳුනා ආදරෙන් පෙරදා

නැවතීමේ ළකුණු මතකයි ඔබ මට ඉඟි කරපු
සංසාරේ පුරුදු හින්දා නෑ යන්නට පහසු
සුළඟක් වී රහසේ හමලා සුවඳක් වී නාසේ ගැටිලා
හුස්මක් වී ගැඹුරේ රැඳුනා ආදරෙන් පෙරදා

Songwriter - Lasitha Jayaneththi Arachchige

Don't Forget Comment and Share 📝🎶


Comments