Lassana Dawasaka | ලස්සන දවසක Song Lyrics - Shammi Fernando

 Lassana Dawasaka | ලස්සන දවසක

Song by Shammi Fernando

Lassana Dawasaka | ලස්සන දවසක  Song by Shammi Fernando

Song Lyrics ;

පා මුවමල් සිනහා
පා ඉක්මන් කරලා
මා හදවත සනහා
මා ලගටම දුවලා

එන්නකෝ සුදු නංගෝ - මගේ අත අල්ලලා
ගන්නකෝ ඇයි මොකො - ඔය මුණ රතුවෙලා

ලස්සන නුඹ දැක හිත පහන් උනා
ලස්සන හීනෙක මම දැහැන් උනා
ලස්ස්න අහසක ඉර මුදුන් උනා
ලස්සන දවසක නුඹ මගේ උනා

රොස මල කෝ - මෙහාට එන්නකෝ
දෑස තුල මා - දැවටගන්නකෝ
ආස කළ ආදරය - දෙන්නකො
රොස තොල ගා හිස සිඹින්නකෝ

ජිවිතේ පාට ගෑ වාසනාවේ දේවදුතියේ
ලස්ස්න නුඹ දැක හිත පහන් උනා

මාල පළදා - රත්තරන් ගෙලේ
සේල අන්දා - ඉස්තරම් ලොවේ
කාල බලලා - ලබන ඉල් මහේ
ආල හිත මා - ගන්නවා නුඹේ

ජිවිතේ පාට ගෑ වාසනාවේ දේවදුතියේ
ලස්ස්න නුඹ දැක හිත පහන් උනා

Songwriter - Kelum Dissanayake

Don't Forget Comment and Share 📝🎶


Comments