Poronduwak | පොරොන්ඳුවක් Song Lyrics - Manej Sanjaya

 Poronduwak | පොරොන්ඳුවක්

Song by Manej Sanjaya

Poronduwak | පොරොන්ඳුවක්  Song Lyrics - Manej Sanjaya

Song Lyrics ;

මා ඉන්නම් ඈතකින් නොගැටී ඔය දෑසේ
හැමදාමත් ආදරේ සගවා හිතේ
හිමි වීමක් නෑ ඉතින් ලංවූවාට ඒ වගේ
කවදාවත් ඉටු නොවේ පැතුමන් අපේ

අහඹුවක් නොවේ වුනත් මුණ ගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ

පොරොන්ඳුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක​
දුරස් වුනත් ඔබට හිතේ තියේවී ඉඩ හැමදාක​

මුලු රෑ පුරා නින්ඳෙන් මා මුදා
ඒ මතකයන් හැමදා සිහිවෙලා
හිත පෑරුවත් කොතරම් විද දරා
ඉන්නම් ඉතින් නෑවිත් යලි සදා

හුරුකම් නිසා සසරේ පෙර එදා
බැදුනත් ඉතින් නොදැනී නොසිතලා
හැර යන්නේ නෑ කීවත් දිවුරලා
අප මේ භවේ අපගෙන් ගිලිහිලා

Songwriter - Prasanna Kumara Dammalage

Don't Forget Comment and Share 📝🎶


Comments