Mata Mamama Wennata | මට මමම වෙන්නට
Song by Chanuka Mora ft Samitha Mudunkotuwa
මට මමම වෙන්නට
නිදහසේ සැනසෙන්නට
ඔබෙ ලගම ඉන්නට
හදගැස්ම විදගන්නට
සිත නිවන නොනිමෙන පහන ඔබගේ ලෝකය
මට මමම අමතක වෙන කලාවද ප්‍රේමය
මල් සරා විදි හොදම හී සර
මහ බබා කෙටු නොමැකෙනා නම
කොනින් කොන අපි නොවූවත් සම
ගලපගත් පෙම රහයි අපමන
නැගෙන බැසයන හිරු සදාකල් යෞවන
ආදරේ අහසක් තරම් ඉම නොපෙනෙන
දිලෙන නෙත් ලග සතුට කැපකර
ඔබෙ සිනහවම සොයනවා මම
ගල් බොරලු මත ගැලූවත් ගග
දන්නවා රැය දිගයි සුවදෙන
සැලෙන නොසැලෙන ගැබුරු වූවත් මනහර
ආදරේ සයුරක් තරම් පැන් නොසිදෙන
Songwriter - Ushani Wijewantha
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment