Widde Mal Sara | විද්දේ මල්සරා
Song by Dimi3
හැමටම හොරා
මම ගත්තෙ උඹවම තෝරා
ඉන්නෙ මම දරා
ගන්න බැරි උනත් රෑ පුරා ඉතිං
ආලේ නුරා
උඹ ඒක හොඳටම කරා
උඹ හුරු කරා හුරු කරා
සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්
සුකොමල තොලක්
වැනෙන වැනෙන වැනෙන බඳක්
හොළවද්දි තවත්
රට්ටු හදනව ඈට පදත්
මලක් වගෙ ළඳක් ඇගෙ මූණ දිළිසෙන හඳක්
කණ ඇවිස්සෙන කටහඬක්
කාටත් කාටත් තෙත් වෙන කඳක් ඒක
දඟකාර කෙරුම්
කටකාර කියුම්
කර කාර බඳින්නම් මං හා
පරිවාර පිටින්
මගෙ භාරි කරන්
උඹ කැන්දන් යන්නම් මං ආ
සිත්තම් ඇඳන් හීන පාට කරන්
මං ගෙව්ව හීනෙ පව් බාල කරන්
මම ආවෙ කාත් එක්කත් වාද කරන්
මගෙ පණත් උඹටම බාර කරන්
ඉතිං සාද කරන්න දැන් අවසරයි
උඹෙ සේද සළු මට කරදරයි
මේක හාදකමක් නෙමෙයි ආදරයක්
කෙල්ලෙ උඹයි මමයි පින්නයි මාරුතයක් හා හා
සංසාරෙ දිගයි ඒත් කාලෙ කෙටියි
මට ඉන්න ඕන උඹ හා
මන්දාරම් වැහිත් වැස්සා බාධා මැදින්
මාව අල්ලගනින් හා හා
Songwriter - Dimi3
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment