Lassana Namak | ලස්සන නමක්
Song by Pasindu Nilakshana
මගෙ මතක අවුලන්න ඒක රෑක ලඟ ඉන්න
හීනයක හෝ දැවටිලා ආදරෙන්
මං නැතුව හිනැහෙන්න දැන් ඔබට පුලුවන්ද
හංගා තබා මා ඔබේ මතකයෙන්
මා ළයට ලැම තියා හුස්මක් දුරින් හිදන්
ඔබගේ කතා තවත් සවනේ තියේ හොදින්
ලස්සන නමක් තියාගෙන මටත් වඩා කල් සතුටින් ඔබ ඉන්න
හිස්වෙන මගේ තැනට එන අලුත් කෙනා ඔබ පණ වගෙ රැකගන්න
මවගේ අතින් අල්ලලා දිවුරලා
වෙන අතක දැන් එල්ලිලා..
මගේ ආදරේ තේරෙනා දිනකදී
ඒන්නට එපා ඉල්ලලා
දුරකතනයේ මගේ නම නැතත්
ඔබෙ හදවතේ මා ඉදී මතුවටත්
ලස්සන නමක් තියාගෙන මටත් වඩා කල් සතුටින් ඔබ ඉන්න
හිස්වෙන මගේ තැනට එන අලුත් කෙනා ඔබ පණ වගෙ රැකගන්න
ගඟ කොහෙ ගියත් මුහුදකින් කෙලවරයි
උඩුගම් බලා යන්නෙ නෑ
ප්‍රේමය උනත් ඒවගෙයි රත්තරන්
නවතා තියා ගන්න බෑ
දුරකතනයේ මගේ නම නැතත්
ඔබෙ හදවතේ මා ඉදී මතුවටත්
මගෙ මතක අවුලන්න ඒක රෑක ලඟ ඉන්න
හීනයක හෝ දැවටිලා ආදරෙන්
මං නැතුව හිනැහෙන්න දැන් ඔබට පුලුවන්ද
හංගා තබා මා ඔබේ මතකයෙන්
මා ළයට ලැම තියා හුස්මක් දුරින් හිදන්
ඔබගේ කතා තවත් සවනේ තියේ හොදින්
ලස්සන නමක් තියාගෙන මටත් වඩා කල් සතුටින් ඔබ ඉන්න
හිස්වෙන මගේ තැනට එන අලුත් කෙනා ඔබ පණ වගෙ රැකගන්න
Songwriter -
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment