Raa Ahase Tharu Gaanata | රෑ අහසේ තරු ගානට' Song Lyrics - Centrigradz

Raa Ahase Tharu Gaanata | රෑ අහසේ තරු ගානට
Song by Centrigradz

Raa Ahase Tharu Gaanata | රෑ අහසේ තරු ගානට' Song Lyrics  Song by Centrigradz

Song Lyrics ;

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද

ඉඟ නෙරියේ රැළි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොළට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද



නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද

Songwriter -

Don't Forget Comment and Share 📝🎶 

Comments