Upamawak | උපමාවක්' Song Lyrics Song by Manej Sanjaya

Upamawak | උපමාවක්
Song by Manej Sanjaya

Upamawak | උපමාවක්' Song Lyrics   Song by Manej Sanjaya

Song Lyrics ;

නාඩන්න රත්තරනේ
සමුගමු හිත හදාගෙන
හෙට ඉදන් අපි දෙදෙනා
හුරු වෙමු හුදකලාවට
ඔබෙ නමේ අවසානයට
මගෙ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
ඔබ හට තියන ආදරේ
ගනිනට බැරි තරම් තිබේ
වැලි කැට වාගෙ සාගරේ


මතකයිද පොද වැස්සක
අපි දෙන්න ඉස්සර
එක කුඩය යට හිටියා දැවටීගෙන
පන එන්න කියමින් මියගිය ඒ අතීතෙට
අපි හිදිමු නොකිලිටි පාරමිතාවක
ඔබෙ නමේ අවසානයට
මගෙ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
ඔබ හට තියන ආදරේ
ගනිනට බැරි තරම් තිබේ
වැලි කැට වාගෙ සාගරේ



වෙන් වෙන්න මත්තෙන් එක සැරයක් බදාගෙන
හුරු බුහුටි ඔය සුදු මූන බලාගෙන
පවසනන දහසක් දේ තිබුනාට දුක්බර
නොදොඩා හිදින්නම් කාලයට ඉඩ හැර
ඔබෙ නමේ අවසානයට
මගෙ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
ඔබ හට තියන ආදරේ
ගනිනට බැරි තරම් තිබේ
වැලි කැට වාගෙ සාගරේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments