Muthu Kandulin | මුතු කඳුලින්' Song Lyrics - Chandrasena Hettiarachchi

Muthu Kandulin | මුතු කඳුලින්
Song by Chandrasena Hettiarachchi

Muthu Kandulin | මුතු කඳුලින්' Song Lyrics - Chandrasena Hettiarachchi

Song Lyrics ;

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා

සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා



මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments