Mage Kiya | මගේ කියා' Song Lyrics - Sahan Gunawardhan

Mage Kiya | මගේ කියා
Song by Sahan Gunawardhan

Mage Kiya | මගේ කියා' Song Lyrics - Sahan Gunawardhan

Song Lyrics ;

දුරින් නොවේ ළගින් තියන් මං
උන්නේ තනි නොකර
යන්න නොවේ ඉන්න හිතන්
මං ආවේ බෝ දුර
ඇයිද කියන් හොරෙන් හදාගෙන
නුඹේම ලෝකය
නැද්ද හිතේ කලබලයක් දැන්
සේරම සතුටින්ද..

මගේ කියා කිසිත් තියාගෙන නෑ
මා තවම
දුන්නේ නුඹට පියෙක් වගේ මා
ආදරේ අඩු නොකර

වචන පෙරලා පෙරලා නුඹ
කීව ආදරේ
රංගනයක් කියලා මට
නෑනේ තේරුනේ
සැනසීමත් හරි දුරවෙයි නුඹට
දවසේ හෙට
යන්න හිතන් හීන මවන් ඇයි
අනුන්ගේ ලෝකවල

හැගුම් මරා ඉඩ දෙන්නම් නුඹගෙන්
වෙන් වෙන්න
එපා දෙන්න හිත් වලටත් බොරු නම්
ආලේ රස
වංක වෙලා නුබේ හිතත් සරසවි
පාරේ අද
මගේ කදුලු ගලා ගියාදෙන්
මහ වැලි ගඟේ හෙට

Songwriters: Roshan Wickramasinghe (Shewa)

Don't Forget Comment and Share 📝🎶

Comments