Randu Kekka | රණ්ඩු කෙක්ක​' Song Lyrics - Oshada Akash

Randu Kekka | රණ්ඩු කෙක්ක​
Song by Oshada Akash

Randu Kekka | රණ්ඩු කෙක්ක​' Song Lyrics - Oshada Akash

Song Lyrics ;

ඉස්මතු වෙන්නේ ඔයා ගැනයි තාම හිත පතුලේ
විස්තර හෙව්වේ පුරුද්දටයි ඒක වරද මගේ
සම්බන්දේ අපි අතරේ නැතුවත් යලි ඇරඹෙන්නේ
අමතක වෙන්නැති අතීතේ මට විතරද වද දෙන්නේ

රණ්ඩු කෙක්ක මාත් එක්ක හේතු හොය හොය පැටලිච්ච
කාලෙ රැක්ක පෙමත් එක්ක හීන අඬනව පැරදිච්ච

හැමදාමත් මහ රෑ - මා ඇහැරූ ඇමතුමක්
ඒ කාලේ ලැබුණා - හිත පුරවා සැනසුමක්
නොහිතූ තැනක තියා - හැමදේටම නැවතුමක්
ඔබ ඇයි ගියේ කියා - තව මට නෑ තේරුමක්

යන්නට හිතුන නිසා - නැති වරදක් පැවරුවත්
ඔය හිත රවට්ටනා - එක වෙන්නෑ පහසුවක්
කිව්වට නෙවෙයි කියා - මා ඔබගේ කවුරුවත්
දන්නෝ දනී ඉතින් - එය නම් මහ රැවටුමක්

Songwriters: Prasanna Kumara Dammalage

Don't Forget Comment and Share 📝🎶

Comments