Sith Aranyaye | සිත් ආරණ්‍යයේ' Song Lyrics - Bachi Susan

Sith Aranyaye | සිත් ආරණ්‍යයේ
Song by Bachi Susan

Sith Aranyaye | සිත් ආරණ්‍යයේ' Song Lyrics - Bachi Susan

Song Lyrics ;

දෝතින් දරා මල් පුජාසනයේ
දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි
රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම උරුයි
පෙම් කරනා විට මහද සෙනෙහස ගොළුයි

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරෙ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments