Warada Piligannawa | වරද පිළිගන්නවා' Song Lyrics - Sandun Perera

Warada Piligannawa | වරද පිළිගන්නවා
Song by Sandun Perera

Warada Piligannawa | වරද පිළිගන්නවා' Song Lyrics - Sandun Perera

Song Lyrics ;

වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ
තව කෙනෙක්ගේ වෙලා සිටිය භව කාටත් හොර රහසේ
අඩු පාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා
දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
මොන දේ කලත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ
මොන දේ කලත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ

මහ මෙරක් වගේ ඔබ කෙරුව ආදරේ
තඹ දොයිතුවට පිළි නොගෙන මං පෙර දිනේ
වෙන හිතක් කෙරේ ලුහු බැඳන් මම ගියේ
කවදාවත්ම ඔබ තනි කරන්නට නොවේ
අඩු පාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා
දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
මොන දේ කලත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ
මොන දේ කලත් තිබෙන තුරු ජීවිතේ

ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ

මරන මංචකේ පැමිනෙන්න පෙර මගේ
ඇති තැන ඉඳන් ඇවිදින් යලිත් මා කෙරේ
පිසදමා නේතේ කඳුලැල් අතින් ඔබේ
අවසන් වරට මට සමා වෙනු මැන ලඳේ
අඩු පාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා
දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා


වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ
තව කෙනෙක්ගේ වෙලා සිටිය භව කාටත් හොර රහසේ
අඩු පාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා
දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
මොන දේ කලත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ
මොන දේ කලත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments