Aaley Wandanawak | ආලේ වන්දනාවක් Song by Dilki Uresha And Nadun Gimhana
සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා
හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා
මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා
ගලනා ගංගාවෝ
නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ
ලබනා සන්ද්‍යාවෝ
සුන්දර කර ගන්වෝ
ඔබ වන් පෙම්වතියෝ
හිමි වූ අය නොවෙදෝ
චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා
දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා
දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා
ගලනා ගංගාවෝ
නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ
ලබනා සන්ද්‍යාවෝ
සුන්දර කර ගන්වෝ
ඔබවන් පෙම්වතියෝ
හිමි වූ අය නොවෙදෝ
Songwriters: Sandun Perera
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment