Keheralle | කෙහෙරැල්ලේSong by Ashanthi,Dilo And Pasan Liyanage
පෙම් මද්දේ පැටලීලා ආව කුමරා
මන් මත්ව ලැම මත නෙතු තවරා
බන්දන්නම් වත නුඹටම පවරා
ශෘංගාරේ ඇතිරේවී සයනේ පුරා
ආලේ මතුරා
ඒවි කිඳුරා
දේවි ඉඳුරා හැඟුමන් නුරා
එල්ලී යන්නේ මාගේ ප්‍රේමී හීනේ තව ළං වෙලා
වින්දේ මා නේ ආයේ කෙහෙ රැල්ලේ පටලං ඔයා
එල්ලී යන්නේ මාගේ ප්‍රේමී හීනේ තව ළං වෙලා
පෙම් ගී ගානේ ආයේ කෙහෙ රැල්ලේ පටලං ඔයා
එල්ලී එල්ලී එල්ලී
කෙහෙරැල්ලේ
එල්ලී එල්ලී එල්ලී
කෙහෙරැල්ලේ
Rap:
රූන් ගා ගා හද නටයි වටේ
බෲම් පාප් පාප් මගේ වාහනේ
රූටාලා නෑ මගේ පාරේ මන්
කෙලින් වැඩ කෙල්ලේ ඇම දාලා ගොඩ ගන්නේ මන්
ඇය ලස්සන අවියාක් පට් ගාලා කොර වෙන්න යශ්ටිය ගෙනෙනා
මම බක්තිය පෙන්නා කටින් ටක්ගාලා පැන්නා කලින් කට්ටිය පෙනෙනා
ඈ ගස්සන්නේ පද්දන්නේ ඔරවන්නේ මූන නම් හරිම යසයි
Baby රගන්නේ නැලවෙන්නේ ඇස් වලින් අල්ලන්නේ නියම රසයි
රන් දම් වුවද බිඳ එමි සොයලා
හින්දන් ළඟම සුරලොව තියලා
පන්දම් පාලි හිත උඩ රඟලා
කැන්දන් යාවි මණ්දාකිනි මවලා
ආලේ මතුරා
ඒවි කිඳුරා
දේවි ඉඳුරා හැඟුමන් නුරා
එල්ලී යන්නේ මාගේ ප්‍රේමී හීනේ තව ළං වෙලා
වින්දේ මා නේ ආයේ කෙහෙ රැල්ලේ පටලං ඔයා
එල්ලී යන්නේ මාගේ ප්‍රේමී හීනේ තව ළං වෙලා
පෙම් ගී ගානේ ආයේ කෙහෙ රැල්ලේ පටලං ඔයා
එල්ලී එල්ලී එල්ලී
කෙහෙරැල්ලේ
එල්ලී එල්ලී එල්ලී
කෙහෙරැල්ලේ
Songwriters: Dulan ARX @dulanarx & Dilo
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment