Mayam | මායම්' Song Lyrics - Rahal Alwis Ft Skay Jay

Mayam | මායම්
Song by Rahal Alwis Ft Skay Jay

Mayam | මායම්' Song Lyrics - Rahal Alwis Ft Skay Jay

Song Lyrics ;

පාලු රෑක නීලාකාස්
පානවාලු මායම් බෝ සේ
ඈ නාවේද තාරකාවි
ගීත ගේන මිදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

සරාගි නෙතු රත් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද මගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්
Nauty Shawteyyyy යාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ

සිත සේල මේ බිගු අතරේ
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
ඈ නාවේද තාරකාව
මා නිසාම මායම් පෑවේ

රෑ ඒ හීන ලැව්දුන් යාමේ
පාට පාට හීනෙන් වගේ
සා නිසාද ඈගේ හීත
මා ලගින්ම ඇවිදින් උන්නේ

නිය රටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සිල් රැක්කේ
මන් දැක්කේ න්‍දියාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ
දුන්නත් වරහි පයේ හීනත් ගතත්
සැප දුන්න තරම් කෙල්ලෝ බින්දා වලන්
මන් හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වග‍ෙමයි හිත කුඩුවෙන් නෑ මලත්

පාලු රෑක නීලාකාස්
පානවාලු මායම් බෝ සේ
ඈ නාවේද තාරකාවි
ගීත ගේන මිදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

Songwriters: Nilar N Cassim

Don't Forget Comment and Share 📝🎶

Comments