Amathala | අමතලාSong by Udaya Shree
ඇයි මේ ආයේ අමතලා
දෙන්නේ හේතු කාරණා
ජීවිතේ මාගේ අවුළුවා
කෙලෙසදෝ ඉන්නේ හිනැහිලා
ඇයි මා තනිකලේ
නැතිවදෝ ළය උණු වුණේ
අමතලා ආයේ අමතලා
පාරනා වේදනා
අමතක කරගන්නට ඒ මතකය
අපමණ වෙර දැරුවා
ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම
යළි ඔබ සිහිවෙනවා
වෙන් වූ දින එසේ
එළි වුණේ නෑ රැය මගේ
අමතලා ආයේ අමතලා
පාරනා වේදනා
මැලවුණු හිත ළඟ හදවත රිද්මේ තව දුරටත් තිබුණා
සෙනෙහස ගැඹුරේ ඔබ නැති පතුලේ අඳුරට හුරුවූවා
පෙර දිනේ හුරු ලෙසේ
ආවේ ඇයි සවනට මගේ
අමතලා ආයේ අමතලා
පාරනා වේදනා
ඇයි මේ ආයේ අමතලා
දෙන්නේ හේතු කාරණා
ජීවිතේ මාගේ අවුළුවා
කෙලෙසදෝ ඉන්නේ හිනැහිලා
ඇයි මා තනිකලේ
නැතිවදෝ ළය උණු වුණේ
අමතලා ආයේ අමතලා
පාරනා වේදනා
Songwriters: Kushan Maneendra
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment